වලාකුළු - සිතුවිල්ලක්‌

මතකය දිව ගියා ලස්‌සන අතීතයකට... අම්මා එක්‌ක මුහුදු වෙරළට ගිය දවසක වැල්ලෙ ඉඳගෙන ඉර මුහුදෙ ගිලෙනවා විශ්මයෙන් බලන් හිටි හැටි... ඒ වගේම තවත් සුන්දර හැන්දෑවක දඟකාර නංගිලා මල්ලිලා රංචුවක්‌ වට කරගෙන වලාකුළු තුල රූප සෙව් හැටි... ඒ රූප මැකී ගිහින් මුලු අහසම පාටින් වැසී යන අයුරු පුදුම ආසාවකින් බලා සිටි හැටි... අහිංසක මනසින් මේ ලොවේ සුන්දරත්වය විඳගන්නට ලැබීමත් කෙතරම් වාසනාවක්‌ද!

ඒත් අද...?




ආං - අර ඈත සිතිජය
පේනවා නේද?
හොඳට බලන් ඉන්න........





-ඔවි

1 comments:

Malinga said...

අර්ථවත් හා අපූරු නිර්මාණයක්. ළමා වියේ සින්දරත්වය මිලින වී යන අද දිනයේ ඒ දුවා දරුවන්ට උරුම අහිංසක, සුන්දර, කෙලිලොල් අවධිය ‍වැඩිහිටියන්ගේ වරදින් වානිජකරණය වී තිබීම ඉතා ම කනගාටුවට කරුණක්‍. ඒ යතාර්තය මේ පදවැල් තුළ අපූරුවට නිර්මිතයි.
අලංකාර උපමා යොදාගනිමින් සුනදර සිතිවිලි ඉසව්වකට අප කැන්දා යන්න මේ නිර්මාණය සමත්කම් දක්වනවා. ඒ සමඟ ම හිතන්නට යමක් ඉතිරිකරමින් වඩා සුවිශේෂ ඉසව්වක් පෙන්වා දෙනවා. ඒ සොඳුරු ළමාකාලය හෙට දවසේ දරුවන්ට ලැබේවා යන්න මේ නිර්මාණයේ මෙන් ම අ‍ප සැමගේ ද පැතුම වනු නිසකයි.

quoted thoughts