ජීවිතේ ගෙවීගෙන යන්නෙ නොදැනිම වගේ...
දවසක් සතියක් වෙන්නෙ, සතියක් මාසයක් වෙන්නෙ පුදුම ඉක්‌මනට. ජීවිතේට ජීවත් වෙන බව දැනෙන්නෙ නැති තරම්. කාලය ඔහෙ ගෙවෙද්දි, නොයෙකුත් ප්‍රශ්න, සිත් තැවුල් ඇති වෙද්දි අපි තරමක් අන්ධ වෙනව කියලයි මට හිතෙන්නෙ..
හිත කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. අඬනවා, හිනා වෙනවා, හිනා වෙවී අඬනවා.. අඬ අඬා හිනා වෙනවා. මේකද අපෙ ජීවිතේ? දහසක් දේ ලබාගන්න පෙරුම් පුරනවා.. නොලැබෙනවිට ලතවෙනවා. වෙන කෙනෙකුට ලැබෙනවිට ඉරිසියාව එළියට පනිනවා.. වරද පටවන්න තැනක් හොයනවා, තැනක් නැතිවිට බනින්න කෙනෙක් හොය හොයා බනිනවා. කාලය ඔහේ ගෙවීගෙන යනවා. තරහ වෙනවා, රන්ඩු වෙනවා, ආයෙ යාළු වෙනවා. ලෝකෙත් ඔහේ කැරකෙනවා. මේකද ජීවිතේ?
හිත හරි මුරන්ඩුයි. අකීකරුයි. හැම දෙයින්ම සැලෙන්න රිදෙන්න එපා කිව්වට අහන්නෙත් නැහැ. බොරුවට අඬන්න එපා කිව්වට අහන්නෙත් නැහැ. මේ ලෝකෙ මීට වඩා දහස් වාරයක් විඳවන අය ඉන්නවා කිව්වම, 'හා' කියනවා. ටිකක් වෙලා හොඳට ඉන්නවා. ඔන්න ටිකකින් ආයෙ අඬනවා. අඬලා ඉවර වෙනකල් ලෝකෙ එක තැන ඉඳී යැ? ඔරලෝසුවෙ කටු ගල් වෙයි යැ? ඒවත් ඔහේ කැරකෙනවා. ඒවට මොකෝ?
අපි විහින් පිච්චෙනවා. සමහරු අනුන්ගෙ වෛර ගිනි නිසා සැබෑවටම පිච්චෙනවා. ඒව අහනකොට, දකිනකොට අපේ හිත් පිච්චෙනවා. තව ටිකකින් කාගෙ හරි නපුරු වචනයක් අහලත් පිච්චෙනවා.. දුක්‌බර අතීතයන් මතක් කර කර පිච්චෙනවා.. ආයෙ නොඑන සොඳුරු මතකයන් සිහි කර කර පිච්චෙනවා.. අනාගතය ගැන හිත හිතා පිච්චෙනවා.. ආදරේ කිය කිය පිච්චෙනවා.. වෛර කරමින් පිච්චෙනවා... ජීවිතේ ගෙවිලා යනවා. මහා ගිනි ගොඩක් මැද්දෙ... ඔහේ ඕනෑවට එපාවට වගේ.
"නැති බැරි කම හතර වටේ පාවෙනවා සුළඟ වගේ"
අපේ හිත් පාවෙනවා අපි වටේ... අපිම මවාගත් දුක් ගිනි ගොඩක් වටේ.
'මමත්වයෙන්' සීමා වෙලා, අනුන්ගෙ දුක නොපෙනෙන තරමට අන්ධ වෙලා...
ජීවිතේ ගෙවීගෙන යන්නෙ නොදැනිම වගේ...
ගිනි ගත් ජීවිත
1:10 AM
|
|
This entry was posted on 1:10 AM
You can follow any responses to this entry through
the RSS 2.0 feed.
You can leave a response,
or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)

3 comments:
මේ ලියවීම් අපට ජීවිතය පෙන්වන කැඩපතක් වගේ. ඇඩීම් වැලපීම්,සතුටුවීම් සිනහසීම් අතර මැද ජීවීතය වෙනදා වගේම තවමත් නොනැවතී...නගින්න ඉහළට, හිමි කරගන්න වැඩිපුර ඒකටයි නිතරම හිතේ ලතැවිල්ල, මේ දේ තේරුම් ගෙන ආසාවන්ට ආසා නොකරන කල්හි, නිවන, හීත නීවන සනහන නිවන අප ලඟයි.. ඔවී වටිනා ලියවීම් සමූහයක්,ස්තූතියි නංඟී
හ්ම්ම්.... අද උෙදන්ම හරවත් ෙදයක් කියවන්න ලැබුනා. ලිපිය කියවලා ඉවර උනහම හිතට සෑෙහන්න බරක් දැනුනා. ෙම් ලියලා තිෙයන්ෙන් අෙප් ජීවිතයේ යථාර්තය ෙන්ද කියලා... ඒ උනත් ලෞකික ෙමා්ස්තර වලින් අන්ධ ෙවලා ඉන්න අපිට ජීවිතය දිහා යථාර්තවාදීව හිතන්න ෙපාලඹවන ෙම් ලිපිය හරියට බුදු වරයකුෙග් මුවින් පිටවුනු බණ පදයක් වගේ. පින් සිද්ධ ෙවනවා ඔයාට...
පෘථුල ජීවිත යතාර්ථයක් ගෙනහැරපාමින් කෙරුණ සාර්තක විවරණයට ඉහත ලැබීතිබෙන අදහස් දෙස් දෙනව.එබැවින් මේ පිළිබඳ අදහසක් පලකිරීමට යාම නිර්මාණයේ ශක්‍යතාවය බාල්දුකිරීමක් ලෙස සලකා මා නිහඬ වෙනවා
Post a Comment