මීදුමයි වයලීනයයි

අතීතය මීදුම් තිරයක්‌ තුලින් අතරින් පතර පෙනෙන රූප සමූහයක්‌... සමහර දින වල පේනව වැඩී. සමහර දාට මීදුමත් වැඩී... ඒත් ඒ රූප හැම එකටම හදවතේ ප්‍රතිචාරය එකමයි.. දරාගන්න බැරි කැක්‌කුමක්‌.

කලා කරුවෙක්‌, කලා නිර්මානයක්‌ සාර්තක වෙන්නෙ ඒ තුලින් රසිකයාගෙ හිත් පතුලටම කා වැදෙන්නට හැකිනම් කියලයි මගෙ අදහස. ඒ අතින් බැලුවම, 'හිතින් මා නොසැලී' කියන ගීතයේ ස්‌ටැන්ලි පීරිස්‌ මහතාගෙ සංගීතයත්, ඒ වයලින් වාදක ශිල්පියාගෙ දායකතවයත් ඉතාමත් සාර්තකයි - මට සාපේක්‍ෂව. මේ ගීය අහම්බෙන් ඇහුනෙ වසර ගනනාවකට පසුවයි. ඒ ඇසුනු විගස අනපේක්‍ෂිත ලෙස මාව සොඳුරු අහිංසක අතීතයකට ඇදී ගියා. නැහැ, ඒ සංගීතය තුලින් මාව දෙඋරින් අල්ලලා ඒ අතීතය දෙසට විසිකළා කිව්වොත් වඩා නිවැරදී. නොසිතූ මොහොතක. ඒ හැඟීම විස්‌තර කරන්න වචනත් නැති තරම්.

සසල වූ සිතින්, තෙත් වූ දෙනෙතින්,
වයලීනයයි මීදුමයි මැද, හුදෙකලාව මම.

මට ආසයි ගමට යන්න. රෑට රැහැයියො කෑගහන හඬ අහගෙන ඉන්න.


සිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඹ ඇවිදින්
නිවා දැමූ ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනවී

තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක්‌ වේ නුඹ රැඳී දෑසේ

තවම මා නොදුටූ සිනා කැන් හමු නොවූ යාමේ
කඳුල මට කරුනා කරන්නැයි අයෑදිමි නිබඳේ

රචනය: ප්‍රේමකීර්ති ද. අල්විස්‌
සංගීතය: ස්‌ටැන්ලි පීරිස්‌
ගායනය: ටී. එම්. ජයරත්න

පින්තූරය ඉස්‌සුවේ උපුල් ගෙන්.

2 comments:

Bo said...

‍මමත් බෙහෙවින් ඇලුම් කරන ගීතයක් මේ, (all time favorite)කියාගන්න බැරි තරම් අමුතු හැඟීම් සමුදායක් මසිත ඇඳෙනවා. ගෙදර දාලා ආපු වයලීනයත් මතකෙට නැගෙනවා
ස්තූතියි නගෝ

Dasun Sameera - දසුන් සමීර said...

ඇත්තටම වෙනත් වාදන භාන්ඩයකට වයලීනයක් වාදනය කරන්න දැඩි සංයමයන් තිබිය යුතුයි! නිසල මනසක් ඇති අයෙකුට පමණයි එය කල හැක්කේ. ඇත්තටම ඔබමෙම සටහනට Piece of Mind යන්න භාවිතා කිරීම සාවද්‍ය නොවේ!
කීප වරක් වයලීනයක් වාදනය කරන්න උත්සහ කලද ගෙදර සිටි සියළුම මීයන් අතුරුදහන් වූ බැවින් එය අතහැර දැමුවෙමි.

quoted thoughts