සති අන්තයෙ මැරතන් එකෙන් පසු ලියන්න දේවල් ගොඩක් හිතේ තිබුනට, ඔන්න දැන් තමයි එයට විවේකයක් ලැබුනෙ. (විභාග වලට පාඩම් කරන අතරෙ දවස් දෙකක් තිස්‌සෙ මේක ලිව්වෙ.) සති කීපයක ඉඳන් නොසන්සුන් ගතියක් තිබුනා, ඒ වගේම වෙහෙසත් වැඩී. මැරතනය නිසා එක දවසකට හෝ හිතේ තිබුන අසහනය ටිකක් මැකිල ගියා. ඉතින් මුලින් ම කියන්න ඕන, එය සංවිධානය කරන්න තමන්ගෙ කාලය කැප කරලා ඒ වෙනුවෙන් මහන්සි වුන හැමෝටම තුති. විශේශයෙන් මතක් නොකරම බැහැ මේ අදහස ඉදිරිපත් කර එය සැබෑවක් කරන්න මුල ඉඳන්ම වෙහෙසුන ආනන්දවර්ධන සොයුරාත්, තාක්‌ෂනික පැත්තෙන් විශාල මෙහෙවරක් කළ කාලිංග, බුද්ධික, සහ මලින්ත සොයුරන්වත්.
මම නම් මැරතන් ලිපි කියවන්න පටන් ගත්තා පමණයි, ඒක එහෙමම නැවත්තුවා... එදා ඒ මහා ගංගාවක් වගේ බ්ලොගවකාශය වෙත ගලාගෙන ගිය අදහස්, නිර්මාන, සහ කරුණු රැගත් සටහන් තොගය කියවන්නට ගත්තොත් මම පාඩම් වැඩ නොකර එයම කරන්නට පෙලඹෙන බව දන්න නිසා. ඉතින් ඒ ආසාව ටිකකට කල් දැම්මා. ලබන සතියෙ විභාග ඉවර වුන සැනින් ඒ සියල්ල කියවා අදහස් දක්‌වන්නයි බලාපොරොත්තුව. එදාට ලියන්නම් මේ ගැන තව දුරට.
හරි, දැන් ලෙඩ ගැන..
1. Writer's Block
මම ඉතින් මතක ඇති කාලෙක ඉඳන් ඇවිදින්න ආසයි නෙ, ඉතින් ඇවිදින ගමන් වැඩේ දාහක් දේවල් කල්පනා කරන එක. මේ දවස් වල හැබැයි ඒකත් මට වද දෙන කරුණක් වෙලා. මොකද එළියට ගියාම, එහෙ මෙහෙ අවිදිනවිට, පැය ගනන් බස් වල යනවිට එහෙම ලියන්න අදහස් ගලාගෙන එනවා, සමහර වෙලාවට කවි හිටන් ගැලපෙනවා. ඒත් කාමරේට ඇවිත් පරිගනකය ඉස්‌සරහ ඉඳගත්ත ගමන් ඒ ඔක්‌කොම කොහෙ යනවද මන්දා! ලියන්න ගියාම හිර වෙනවා. මාර ලෙඩක් තමයි. හිතන දේවල් එවෙලෙම කොහෙ හරි save වෙන විදිහක් තිබුනා නම් අගෙයි කියලා හිතෙන්නෙ ඔන්න ඔය වගේ වෙලාවට තමයි. එහෙම වුනානම් ඒ සිතුවිලි හැම එකක්‌ම පස්‌සෙ හරියට සකසලා පල කරන්න පුළුවනි නෙ. ඔන්න වටිනා කියන මෘදුකාංගයකට අදහසක්: 'brain to screen transfer' තොරතුරු තාක්‍ෂනය හදාරන අයට යෝජනාවක්.
2. "sweet" වැඩි කම..
ලොකුම ලෙඩේ. පැණි රස කෑම ජාති ගැන නෙමෙයි කියන්න යන්නෙ. ලඟකදි කීප වතාවක් ම බැනුම් අහගන්න වුන හේතුව ගැන. මම දන්න නොදන්න කාටත් 'sweet' වැඩී ලු. චෝදනාව එල්ල වුනෙ මගෙ සමීපත ම මිතුරෙක්‌ගෙන්. ඒක අහපු වෙලේ නම් ගොඩක් දුක හිතුනා, මොකද, ඒ කිව්වෙ නෝක්‌කඩුවක් හැටියට.
ඕනම කෙනෙක් සමග සුහද ව, හිතවත් ලෙස කතා බහ කරන එක පුංචි කාලෙ ඉඳන්ම පුරුදු වුන දෙයක්. අවුරුදු ගානක් තිස්‌සෙ හඳුනන කෙනෙක්‌ට වුනත්, පලමු වරට මුනගැහුන කෙනෙක්‌ට වුනත්, කොයි කාටත් මනුස්‌ස කමට වචනයක් දෙකක් කතා කරන්න, ලෝබ නැතිව මුහුණ බලලා හිනා වෙන්න ආඩම්බර වෙන්න ඕන නැහැ කියලයි මම මෙච්චර කල් නම් හිතන් හිටියෙ. මානය ඉහ වහ ගිය, තිස්‌සෙම බොරු ශෝබන පෙන්වන, පොළොවට අඩි ගානක් උඩින් ඉන්න හදන ඇතැමුන් නොයෙකුත් දැකලා ඇති. ඒත් මට නම් හිතෙන්නෙ ඒක හරිම වෙහෙසකර වැඩක්. ඊට වැඩිය කොච්චර ලේසි ද, අපි හැමෝම මේ මහ පොළොවෙ පය ගහලා ජීවත් වෙන මිනිස්‌සුනෙ කියලා හිතලා ඕනම කෙනෙක් එක්‌ක මිත්‍රශීලීව ඉන්න එක? මවාගත් අහංකාරකම් පෙන්වන්න යන මහන්සියත් නැහැ එතකොට. ඒත් ඉතින් ඔය මට හිතෙන හැටි. නමුත් එක එක්‌කෙනා හිතන විදිහ වෙනස් නෙ.
මේ කියන්නෙ මම හරි හොඳයි කියලා නම් නෙමෙයි. වෙලාවකට මමත් ආඩම්බරයි. සමහර මිනිස්‌සුන්ව එච්චරම රුස්‌සන්නෙ නැහැ, ඒක ඉතින් මිනිස් සොභාවය නෙ, කොච්චර හිතුවත් 100% හැමෝටම එකම විදිහට සලකන්න අමාරුයි. ඒත් මට මේ කතාව අහගන්න වුනෙත් මම (මට හිතෙන හැටියට) කෙනෙක් එක්‌ක ටිකක් ඕනෑවට එපාවට වගේ, වැඩිය ගනන් නොගෙන වගේ කතා කළ වෙලාවක, ඒක දැකලා.
කරුණාව දයාව වගේ මිනිස් ගුණ අද සමාජයෙ බොහෝ දෙනාගෙ හිත් වලින් ඈත් වෙලා නම් දැන් ටික කලක් වෙන බව මම දන්නවා. ඒත් තමන් එක්‌ක කතා කරන්න එන කෙනෙක් එක්‌ක හිතේ කිලිටක් නැතිව වචනයක් හුවමාරු කරගන්න එකත් වැරදි විදිහට දකින්න පුරුදු වුනේ කවදද අපි?
අනිත් දේ තමයි (ඔන්න මෙතනදි තමයි ලෙඩේ දරුණුම වෙන්නෙ) මට මගෙ හිතවතුන් දුකෙන් ඉන්නවා දකින්නම බැහැ (මහා භයානක ලෙඩක් - දුක කියන දේ කාටත් පොදුයි කියලා දැන දැනත් එහෙම හිතන එක!) ඉතින් හැම විටෙකම කෙනෙක් දුකෙන් ඉන්නවා දකිනවිට හිත නම් කියන්නෙ හොයලා බලලා වචනෙකින් හරි පුළුවන් නම් උදව්වක් වෙන්න කියලයි. ඒ වුනාට සමහරුන්ට මේකත් වැරදී. සිත් තැවුලෙන් ඉන්න අයට පාඩුවෙ ඉන්න දීලා තමන්ගෙ වැඩක් බලා ගන්න ලු. එහෙම කියනකොට ඉතින් මං කියල මොනවා කරන්නද? දෙතුන්දෙනෙක්‌ගෙන් ම ඔය විදිහෙ ඇනුම් පද අහගත්තට පස්‌සෙ ඔන්න ඉතින් මමත් මගෙ හිතට එරෙහිව වුනත් පැත්තකට වුනා. එක අතකට ඒ අය කියන දේ හරිත් ඇති. මොකටද ඕනවට වඩා හොඳ කරන්න ගිහින් කාටවත් කරදරයක් වෙන්නෙ?
ඉතින් දැන් ටිකක් ඇඹුල් වෙන්න කියලා කල්පනා කළේ. කරන හැටි තමයි තාම නොදන්නෙ. sweet අඩු කරන්න විදිහක් ඔබ දන්නවානම්, මාව ඇසුරු කරන කොයි කාගෙත් සෙත පිනිස, කරුණාකර මට ඉක්‌මනින් ම දන්වන්න. නැතිනම් මාව දන්න අඳුනන හැමෝටම දිය වැඩියාව හැදෙයි අන්තිමේ, පැණි රස වැඩි වෙලා! (හික්!)
තමන් ලඟින්ම ආස්‍රය කරන අය වත් තමන්ව හරි හැටි තේරුම් ගන්නෙ නැහැ කියල හිතෙනකොට ඕනම කෙනෙක්‌ට දුකක් වේදනාවක් ඇති වෙනවා.. ඒත් හිත කියන්නෙ තේරුම් ගන්න එතරම් ලේසි දේකුත් නෙමෙයි නෙ, ඉතින් කොහොමද වෙනත් විදිහෙ සිතුම් රටාවන්ගෙන් හැඩගැහුණු සිතක් තව හිතක් හරියටම සියයට සියයක් තේරුම් ගනී කියලා අපේක්‍ෂා කරන්නෙ? එහෙම හිතලා හිත හදා ගත්තත්, මට දැන් මම කියන කරන දේවල් ම සැකයි..
හිතුවට වඩා ගොඩක් දිගට ලියැවුනා.. කියවන අයට හිතෙනවද දන්නෙ නැහැ විකාරයක් කියලා.. දැනට මේ ඇති.

5 comments:
මුලින්ම කියපු Writer's Block නම් අපි හැමෝටම හැදෙන ලෙඩක් තමයි. යෝජනාව නම් කදිමයි. බලමුකො ඉස්සරහට එහෙම දේවල් හැදෙයි.
දෙවනි කාරණාව නම් බරපතලයි.
මට ඇත්තටම හිතෙන දේ නම් වෙලාවකට ඔබ මොකද්දෝ අවිනිශ්චිත බවකින් පෙලෙනවා වගේ. ඒකට හේතුව මොකද්ද කියල නම් දන්නෙ නෑ.
"කරුණාව දයාව වගේ මිනිස් ගුණ අද සමාජයෙ බොහෝ දෙනාගෙ හිත් වලින් ඈත් වෙලා නම් දැන් ටික කලක් වෙන බව මම දන්නවා. ඒත් තමන් එක්‌ක කතා කරන්න එන කෙනෙක් එක්‌ක හිතේ කිලිටක් නැතිව වචනයක් හුවමාරු කරගන්න එකත් වැරදි විදිහට දකින්න පුරුදු වුනේ කවදද"
මේ කාරණාව නම් එක අතකට සමාජ, දේශපාලනික කාරණාවක්. හැමවෙලේම කියනවා වගේ මිනිස් සම්බන්ධතා ගනුදෙනු බවට පත් වෙන යුගයකදි අනිත් කෙනා සමග පවත්වන සබඳතාවයේ ඇතුලතදි හොයන්නෙ වාසියක්. එතකොට අව්‍යජ බව වෙනුවට බොරුව රජ වෙනවා.
"sweet අඩු කරන්න විදිහක් ඔබ දන්නවානම්, මාව ඇසුරු කරන කොයි කාගෙත් සෙත පිනිස, කරුණාකර මට ඉක්‌මනින් ම දන්වන්න."
ඒක ගැන නම් කියන්න තියෙන්නෙ තමන් තුල ඉන්න පුද්ගලයව විශ්වාස කරන එක හොඳ බවයි. සිත් රිදවීම් මොන තරම් ඇති වුනත් ඉදිරියට යන්න වෙනව.
"එහෙම හිතලා හිත හදා ගත්තත්, මට දැන් මම කියන කරන දේවල් ම සැකයි.. "
මේක තමයි මං කියපු අවිනිශ්චිත තාව හෙවත් දෙගිඩියාව පිළිබඳ කාරණාව. ම්ම්ම්ම්මම් ....................................
අක්කේ,
මම නම් හිතන හැටියට "sweet" කියන්නෙ , ඒ කියන්නෙ හිත හොඳකම කොච්චර තිබුණත් වැඩි නැහැ... සමහරු කියන්න පුළුවන් හිත හොඳ වැඩි නිසා ප්‍රශ්න ඇති වෙනව කියල - ඒ වුණාට හිත පොඩ්ඩක් හරි නරක් වෙනවට වැඩිය පුළුවන්තරම් හොඳින්ම තියාගන්න එක නේද කරන්න ඕනෙ... ඒ නිසා හිත හොඳ වැඩියි කියල කවදාවත් හිතන්න එපා...
අනිත් එක තමයි, අනුන්ගෙ දුකේදි දුක්වෙන එක උතුම් දෙයක්... ඒක ලෙඩක් නෙමෙයි... ඒකට තමයි කියන්නෙ කරුණාව කියල "පර දුක්ඛෙ සති හදය කම්පනං කරොති කරුණා" .. ඉතින් මේවට මොකද දුක් වෙන්නෙ...
ඔයාගෙ ඔය දුක් ගැනවිල්ල අහල නම් මටත් දුක හිතුණ - මොකද ඔයා දුක් වෙන්නෙ දුක් වෙන්න ඕනෙ දෙවල් ගැන නෙමෙයි... සතුටු වෙන්න ඕනෙ දේවල් ගැන...
අර පළවෙනි කාරණේ ගැන නම් කියන්න තියෙන්නෙ, පොඩි සටහන් පොතක් ගන්න, පෑනක් අරගෙන, දහනවවෙනි සියවසේ ක්‍රමේට "save" කරන්න...
මම මෙහෙම දෙයක් කියන්නම්. මමත් සරසවි සිසුවෙක්. විභාගේ අතර මැදදි දහසක් දේවල් හිතෙනවා විභාගේ ඉවර වෙලා කරන්න. හැබැයි අවුල තියෙන්නෙ මේ සැලසුම් කරපු දේවල් විභාගෙට පස්සෙ අමතක වෙන එක. සමහර විට අපි මෙච්චර විභාගේ දවස් වලට නිර්මානශීලි වෙන්නේ ආතතිය නිසා වෙන්න ඇති. මනස නිදහසක් සොයන නිසා වෙන්න ඇති. කොහොමටත් යන එන හැම තැනම සාක්කුවේ දාගෙන යන්න පුලුවන් පොඩි පොතක් අරන් යන්න. එතකොට පලමුවැනි ප්‍රශ්නෙ හරි.
ඔයාගේ නම නම් මාර sweet!
ගොඩක් ලස්සන නමක්.....
Someone I know (no prizes for guessing) also has this "too sweet" problem. I guess this is not any problem with you (or her). I gradually get the feeling that most of the girls tend to be nice, sweet and friendly as being a part of their gentle/fair nature. But I also know that with time, ladies will grow up to learn to draw the line with a fairly good accuracy. :)
I like very much to look at a person with a pleasant view. But it seems apparently this is a daunting task for a female being, largely due to the fact that there are males. I'm not playing the nice guy, I'd also fall into the very same lot if I was not committed. :)
Funny how many times I had to preach my GF that a guy is coming on to her during past couple of years. Being a guy, it's obvious for me. But being a nice girl, she's not aware of any signs. I guess the story might be the same for you too.
I can give a load of example, from nice friends, younger batchmates to dear elder brothers and so on, on my GFs case. And unfortunately a few cases turned ugly where those people couldn't meet face to face with her anymore.
A rule of thumb when dealing with people (not just guys): The world is not so ugly and nor is that beautiful. So when someone interacts with you and plays nice, he/she is most probably expecting something. Sometimes it might be just innocent attention/caring. Sometimes it's gains (like lecture notes, homework), sometimes direct interest (affairs?) and sometimes it's worse.
I might sound pretty ugly I'm sure. :) But that's what life has taught me. I've seen very selfless, noble people. But most of the time when there's a nice person comes (especially in the case of a sweet girl) there's a catch.
So dear Sis, be sweet, be gentle but know where to draw the line and say no. You don't have to risk yourself something to avoid making someone feel bad. If that someone is worth of that risk most probably s/he will understand what you did. And that person will not try to get certain things to your knowledge/attention if s/he really cares.
Well, that's what I had to say. I can't tell you how to be less-nice. You'll just have to learn how to save yourself from trouble/frustration by being not too caring. :)
PS: Sorry, I can't post in Sinhala. I just did an OS re-installation.
Post a Comment