"කවියෙකුට"

මා මීට සති කිහිපයකට පෙර ලියූ (ලියන්න උත්සහ කළ) "නොලියැවෙන කව" සම්පූර්ණ කළ වරුණ, තරිඳු, සහ චානක යන සොයුරන්ට තුති.. :-)


එදා නොලියැවුනු කව.. අද මෙසේ ලියා අවසන් කලෙමි..

පෙම් කලෙමි කවියකට
කවට නොව කවි සිතට
කවියෙකුට

කවිය විය දිවි පහන
කිවිඳ දුන් ආලෝකයම
ජීවිතය

උදුරගෙන මගෙ පහන
වෙලාගෙන මගෙ දිවිය
ඝණ අඳුර

කුරුටු ගා කවි පොතම
ගොළු සිතක්‌ ඉතිරි කර
ගියේ කිම?

3 comments:

නිදහස් අදහස් said...

කොහොම හරි ලිව්වනෙ . ඒ ඇති. දිගටම ලියන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ. ඒ ගැන සලකල බලන්න.

Bo said...

අගෙයි... කව සහ සිතුවිල්ල.
දිගු නිහැඩියාව වැඩ අදික වූ බැවිනි, නංගී දිගටම ලියන්න, මම කියවනවා

T.Kanch said...

හොඳම කවිය අද නෙමෙයි හෙට ....

quoted thoughts